වලිගය ගිනිගත් වඳුරා
ජනාධිපතිවරණයට ඇත්තේ සතියකටත් අඩු කාලයකි. අප හිතුවාට වඩා නරක විදිහට පූර්ව ජනපතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවෙමින් පවතී. මේවා මෙහෙය වන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයන් හෝ ඔවුන් නියෝජනය කරන පක්‍ෂ විසින් නොවන බව අප ඉඳුරාම දනිමු. කිසිදු ඉවසීමක් නැතිව අවි-ආයුධ අතින් ගෙන ස්වකීය වලිගවලට ගිනි තබා ගත් ප්‍රචණ්ඩ වඳුරන් විසිනි. සතා මෝඩයෙක් නම් වලිගයට ගිනි ඇවිළුණු විට ඌ සිතන්නේ ඌට ආභරණයක් ලැබී ඇති බවය. මෙය ආභරණයක් නොවන බව ඌට දැනෙන්නේ වලිගය දැවිල්ල ගන්නට පටන් ගත් විටය. මේ මෝඩ වඳුරෝ තම තමන්ගේ දේශපාලන නායකයන්ට අවනම්බු සිදු කරමින් රටේ තැන තැන ගිනි අවුළුවති. කිසියම් මැතිවරණයකට පෙර ප්‍රචණ්ඩ ක්‍රියා හටගන්නා විට මිනිස්සු භීතියට පත්වෙති. මැතිවරණ දිනයේදී මේ ප්‍රචණ්ඩත්වය උග්‍ර වනු ඇතැයි ඔවුහු කල්පනා කරති. මේ භීතිය විසින් ඡන්දදායකයාගේ නිදහස් මානසිකත්වයට බරපතළ ලෙස අකුල් හෙළනු ලැබේ. එබැවින් පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීම ආරක්‍ෂක අංශවලත්, ඒ ඒ දේශපාලන නායකයන්ගේත් වගකීමය.
No comments:
Post a Comment