Tuesday, September 17, 2024

Dinamina Editorial

කොසැක් සංඥාව


රටක දේශපාලන ස්ථාවරත්වය ගිලිහී ගිය පසු එහි ගමන සමාන වන්නේ බොයිල් කරන එන්ජිමක් සහිත වාහනයකින් ට්‍රිප් එකක් යෑමටය. ටයර් ආදිය ද හොඳට ගෙවී ගොස් අබලන්ම තත්ත්වයේ ඇති වාහනයක පවුලේ පිරිස් සමඟ යන කල්හි ගමනේ විනෝදයක් නැත. ගමනාන්තය කරා කවදා යා හැකි දැයි කිව නොහේ. එහෙව් ගමනක් යෑම යනු වාහනය සමඟ අඩව් ඇල්ලීමකි. දේශපාලන ස්ථාවරභාවය ගිලිහී ගිය රටක ආර්ථික ගමන ද එසේය.

Divaina Editorial

කඩු පොලු චූන් එක කීයටවත් එපා


ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු හෙට (18දා) රාත්‍රී 12.00න් අවසන් වීමට නියමිතය. මෙතැන් සිට ජනාධිපතිවරණ ඡන්ද විමසුම පැවැත්වෙන සැප්තැම්බර් 21 වැනිදා හවස 5.00 වනතුරු ගත වන කාලය සිංහල අවුරුද්දේ පුණ්‍ය කාලය හා සමාන අන්තර්වාර කාලයක් බවට පත්වෙයි. මේ කාලයේදී ඡන්ද ප්‍රචාරයට සම්බන්ධ කිසිදු වැඩක් කිරීම නීතියෙන් තහනම්ය. සිංහල අවුරුද්දේ පුණ්‍ය කාලය පවතින අවස්ථාවේ දී එම පුණ්‍ය කාලයට අදාළ සිරිත් විරිත් කඩකළැයි කියා පොලිසියෙන් අල්ලා ගෙන යනු නොලැබේ. එහෙත් ජනාධිපති ප්‍රචාරණ කටයුතු තහනම් කරන කාලය තුළ දී එම නීති කඩකිරීමට තැත් කරන සහ එම නීති කඩකරන ඕනෑම එකෙක් බෙල්ලෙන් අල්ලා කුදලා ගෙන යෑමට පොලිසියට බලය තිබේ. මීට අවුරුදු විසිපහකට පෙර මැතිවරණ ප්‍රචාරණය තහනම් වන අන්තර්වාර කාලයේ දී දේශපාලනඥයන්ට සහ ඔවුන්ගේ කැචර්ලාට නීති කැඩීමට තිබූ අවස්ථාව සීමා විය. දේශපාලනඥයන්ගේ ගැන්සි එකතු වී අරක්කු බොමින් දේශපාලනඥයාගේ ප්‍රචාරණ කටයුතු තවදුරටත් කිරීම, පොකට් රැස්වීම් පවත්වා දේශපාලනඥයා වෙනුවෙන් තවත් ඡන්ද ටිකක් එකතු කිරීම, දේශපාලනඥයාගේ ඡායාරූපය සහ මනාප අංකය ප්‍රචාරණය කරන විශාල කටවුට් ගසා ගත් වාහනවලින් වීථි සංචාරය කිරීම, දේශපාලනඥයාගේ මනාප අංකය සහිත පෝස්ටර් ඇලවීම වැනි දේවලට පමණක් එකල ඡන්ද නීති කැඩීම සීමා විය. එහෙත් අද වනවිට අන්තර් ජාලය බලවත් වීම නිසා වැඩේ සම්පූර්ණයෙන්ම අල ගොඩක් බවට පත්වී තිබේ. යූ ටියුබ්, ෆේස්බුක්, ටික්ටොක් වැනි සමාජ මාධ්‍ය හරහා ඡන්ද අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම අද වනවිට දවසේ පැය විසිහතර පුරාම කළ හැකිය. එවැනි ප්‍රචාරක කටයුත්තක දී දේශපාලනඥයාට නීතියෙන් දඬුවම් කළ නොහැක. ඔහුට කීමට ඇත්තේ මේ ප්‍රචාරක කටයුතු ගැන තමන් නොදන්නා බවත් තමන් අමාරුවේ දැමීමට ලෑස්ති වී සිටින පිරිසක් තමා අනුදැනුමෙන් තොරව අන්තර් ජාලය හරහා ප්‍රචාරක කටයුතු මෙහෙය වන්නට ඇති බවත්ය. සමහරු වෙනත් රටවල සිට දේශපාලන ප්‍රචාරක වැඩසටහන් සකස් කර යූ ටියුබ්, ෆේස්බුක්, ටික්ටොක් වැනි අන්තර් ජාල වේදිකාවලට මුදා හරිති. මේ අයගේ මයිල් ගහක් වත් ඇල්ලීමට පොලිසියට හෝ මැතිවරණ කොමිෂන් සභාවට නොහැක. එහෙත් මෙවැනි සමාජ මාධ්‍යවලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා තිබේ. එහෙත් එසේ ක්‍රියාත්මක වීම ද ගැටලු සහගත බව කොමසාරිස් ජනරාල් විසින් පිළිගනු ලැබ තිබේ. අන්තර් ජාලය යනු සාගරයකි. ඒ තුළ මාළු බිලියන ගණනක් පීනති. ඒ බිලියන ගණන තුළ එක වගේ පෙනුමැති මත්ස්‍යයෝ බිලියන ගණන් වෙසෙති. මේ නිසා එම මසුන් බිලියන ගණනින් එකෙක් හොරකමක් කළාට අල්ලා ගැනීමට නොහැක. මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ අන්තර් ජාලය මේ තරමට සංකීර්ණව පවත්නා අවස්ථාවකය.

 

Finacial Times Editorial

A wish: Let this be the last Presidential election


There is much at stake in the upcoming Presidential election. The country’s trajectory will depend on the individual who will emerge victorious. As witnessed in the last Presidential election which saw 6.9 million people elect an alleged war criminal and murderer, the stakes can be very high when so much executive and political power is vested with one individual, with little democratic space for course correction ‘post facto’.



 

The Morning Editorial

Not missing the IMF’s ‘woods’


This week, the International Monetary Fund (IMF) publicly said that even though Sri Lanka has achieved considerable economic recovery, the country is not out of the woods yet. The IMF stressed that therefore, it is important to safeguard those hard-won gains.

Ceylon Today Editorial

Sick or not, dignity matters!


It seems that the concept of privacy, particularly in healthcare, remains an elusive ideal in Sri Lankan hospitals. Whether it’s in government-run facilities or private institutions, patients are often stripped not only of their dignity but also their right to basic respect. Nurses shout out diagnoses across wards, robbing patients of any sense of confidentiality, while groups of medical students descend like an army to learn at the expense of an individual’s comfort. Yes, medical education is important, but surely it doesn’t hurt to ask for consent first? The sea of white coats surrounding a patient might be seen as a rite of passage for future doctors, but for some, it is a dehumanising experience.

Daily News Editorial

Heed this warning


The warning issued by the International Monetary Fund (IMF) that Sri Lanka was still not out of the woods where its economic recovery programme is concerned, and that the nation was still in a vulnerable position in this connection and needs to work hard to protect the hard-earned gains, should be taken serious note of by all stakeholders.

The Island Editorial

Bullets, ballots and travel warnings


The ongoing contest for the coveted presidency has turned red in tooth and claw, with the contenders desperately doing everything in their power to achieve their most cherished goal. Election campaigns are getting down and dirty with politicians and their supporters hurling mud at one another. What is fast approaching is a contest the political leaders in the fray cannot afford to lose, given the very high stakes they have in it. The 21 Sept., presidential election is bound to be followed by a general election, and the party of the winner of the presidency usually secures the control of Parliament.